අද ලංකාවේ අධ්‍යාපනය


අද ලංකාවේ අධ්‍යාපනය ගත් විට ලෝකයේ දියුණු වෙමින් පවතින රටවල් අතර මුලින් සිටින ඉව සැබෑවකි .නමුත් මෙම ක්‍රමය නිසා උපාධි ලැබ රැකියා නොමැතිව සිටින තරූණ තරුණියන් කොපමණ සිටී ද ? තවද උගත් කමට නොගැලපෙන රැකියා කරන අය කොතෙකුත් ඇත්ද?
ලංකාව තුල නිදහස් අධ්‍යාපනයක් ඇත. එය ඇත්තටම සතුටු විය යුත්තකි. නමුත් එය තව තවත් අර්ථාන්විත වීමට නම් සැබෑ දක්ෂයන් බිහි විය යුතුය. නමුත් එසේ නොවන්නේ පොතේ දැනුමට පමණක් සිමා වුණු අධ්‍යාපන ක්‍රමයක් රට තුල චිරාත් කාලයක සිටම ක්‍රියාත්මක වන නිසාය.
නිදහස් අධ්‍යාපනයෙන් දැන්වත් වැඩක් ගැනීමට නම් වෘත්තිකයන් බිහිකරන අධ්‍යාපන ක්‍රමයක් අප රට තුල ස්ථාපනය කළ යුතුය.